දින 21කට පසුව ගෙදර ආපු ජෙනේලියා
‘බොයිස්’ දමිල චිත්රපටය හරහා සිනමා රංගනයට පිවිසි ජෙනේලිය ද සූසා වර්තමානයේ බොලිවුඩයේ ජනප්රිය රිතේක් දේශ්මුක්ගේ බිරිඳ වෙයි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වීමෙන් පසුව සිනමාවට සමුදුන් ඇය පසුගියදා ‘කොරෝනා’ ආසාදිතයෙකු බවටද ප්රසිද්ධ විය.
රෝග ලක්ෂණ කිසිවක් නොතිබුණ නමුදු කළ ලේ පරික්ෂා කිහිපයකදි ඇය ‘කොරෝනා’ ආසාදිතයෙකු බවට පත්ව ඇත. දින 21ක හුදකලා කර සිටි ඇය අගෝස්තු 31 වැනිදා නැවතත් සිය නිවසට පැමිණ ඇත්තේ ‘කොරෝනා’ ආසාදිතයෙකු නොවන බවට කළ අවසන් පරික්ෂණය ඝෘණාත්මක විමෙන් පසුවය.