දික්කාසද වුණත් දෙන්නා එකට
මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධියේ තමන් දික්කාසද වූ බව පැවසු මලෙයිකා ආරෝරා මේ දිනවල සිය හිටපු සැමියා වූ ආර්බාස් ඛාන්ගේ නිවසේ රැඳී සිටින බව සඳහන් වෙනවා. මෙය බොහෝ පිරිසකට ගැටලුවක්වූ අතර, ආර්බාස් මාධ්‍යයට පවසා ඇත්තේ, සිය පවුලේ සාමාජිකයන් සංවිධානය කළ ප්‍රිය සම්භාෂණ හා උත්සව කිහිපයක් නිසාවෙන් මලෙයිකා මෙසේ තම නිවසේ රැඳී සිටින බවයි.
එමෙන්ම ආර්බාස් හා ඔවුන්ට දාව දරුවන්ද සමගින් පසුගිය දිනවල මුම්බායි නගරයේ භෝජන සංග්‍රහයකට එක්වූ අතර, එය අවසානයේ ඔවුන් මේ වනවිට තිරගත වෙන ‘ෆයිරේට්ස් ඔෆ් ද කැරබියන්‘ අලුත්ම චිත්‍රපටය නැරඹීමට එක්වු බවද සඳහන්.