දික්කසාද වුණත් එකට ඉන්න අර්බාස් - මලේයිකා
මේ වනවිට නීතියෙන් වෙන්ව සිටින ජනප්රිය බොලිවුඩ් සිනමා තරු යුවළක වන ආර්බාස් ඛාන් හා මලේයිකා ආරෝරා පසුගිය දිනවල නැවතත් එකට සිටින බවට තොරතුරු වාර්තා විය. මෙම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුවත් අර්හාන් ඛාන්ගේ උපන්දිනය පසුගිය දිනට යෙදී තිබුණ බැවින් ඔවුන් දෙදෙනා මෙසේ එකට කාලය ගෙවූ බවයි.
නීතියෙන් මේ වනවිට වෙන්ව සිටියද මලේයිකා නිතරම සල්මාන් පදිංචිව සිටින ඛාන් පවුලේ මුම්බායිහි ඇති මහගෙදරට නිතරම පැමිණෙන බවට වාර්තා වෙයි. අර්බාස් මේ වනවිට රුමේනියානු පෙම්වතියක සමග මුම්බායිහි කුලී නිවසක පදිංචිව සිටින බවටද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටියි.