දැනට වැඩිම ලාබයක් ලබපු චිත්රපටය 'ස්ට්රී'
මේ වසරේ මේ දක්වා ප්රදර්ශනය වූ චිත්රපට අතරින් ඉහළම ලාභයක් ලැබු චිත්රපටය බවට අමර් කෞෂික්ගේ ‘ස්ට්රී’ චිත්රපටය පවත්වා ඇත. ඉන්දීය රුපියල් කෝටි 20ක වියදමකින් තැනුණ මෙම චිත්රපටය තිරගත වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 180ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.
මෙම චිත්රපටය මේ වනවිට ලබා ඇති ලාභ ප්රතිශතය 548.35’ කි. මීට පෙර වැඩිම ලාභයක් ලබා තිබුණේ ‘සෝනු කි ටුටු කි ස්විටි’ චිත්රපටයයි. එය ඉන්දීය රුපියල් කෝටි 30කින් නිර්මාණය කළ අතර, ප්රදර්ශනය කළ කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 150ක ආදායමක් උපයා ගන්නට සමත්ව තිබුණි. එහි ලාභ ප්රතිශතය සටහන් වුයේ 352.95’ කි ලෙසය.