දැක්කොත් පද්මාවතී...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-06-ent-35

සන්ජේ ලීලා බන්සාලි ඓතිහාසික කතාන්දර සහිත චිත‍්‍රපටි රැසක්ම නිර්මාණය කළ ජනපි‍්‍රය අධ්‍යක්ෂවරයෙකි. එහෙත් ඔහු විසින් නිර්මාණය කරන ලද හැම ඓතිහාසික කතාවක්ම පාහේ විවාදයට තුඩු දුන්නේය. රාම්ලීලා චිත‍්‍රපටිය තහනම් කරන ලෙස ඉල්ලා ආගමික හා සංස්කෘතික සංවිධාන විසින් විරෝධතා ව්‍යාපාර දියත් කරනු ලැබිණි. අවසානයේදී බන්සාලි තහනමින් බේරුණේ ගෝලියෝන් කී රාස්ලීලා රාම්-ලීලා වශයෙන් චිත‍්‍රපටියේ නම වෙනස් කරමිනි. එය වෙනස් කරන තුරු උත්තර් ප‍්‍රදේශ් හි චිත‍්‍රපටිය තිරගත කිරීම තහනම් වූයේය.

බජිරා ඕ මස්තානි චිත‍්‍රපටියට සිදු වූයේත් එයමය. ඓතිහාසික චරිතවල උදාරත්වය කෙළෙසනු ලැබ ඇතැයි එයටත් චෝදනා එල්ල වුයේය.

අලූත්ම විරෝධතාව පැන නැගී ඇත්තේ පද්මාවතී චිත‍්‍රපටියට එරෙහිවය. එය උසස් ඉතිහාස කතාවක් විකෘති කර නිර්මාණය කරන ලද චිත‍්‍රපටියක් බැව් කියමින් සංස්කෘතික සමාජ සංවිධාන රැුසක් එයට එරෙහිව නැගී සිටියේය. පසුගියදා ජායිපූර්හි දර්ශන තලයට කඩා වැදුණ එක් සංවිධානයක පිරිසක් විසින් රූගත කිරීම් කඩාකප්පල් කර දමනු ලැබිණි. ඔවුන් කැමරා කිහිපයකට ද අලාභහානි කළ අතර අධ්‍යක්ෂවරයාටත් පහර දී තිබිණි. ඉනික්බිතිව ඔවුන් රූගත කිරීම් නවත්වා දමා නැවතත් මුම්බායට පැමිණි බවට තොරතුරු වාර්තා වුයේය.

‘‘පද්මාවතී රැජිනයි, අලව්දීන් කිල්ජීයි අතරේ සමීප දර්ශන තියෙනවා කියලා වැරදි මතයක ඒ අය ඉන්නවා.. ඒත් එහෙම එකම දර්ශනයක්වත් චිත‍්‍රපටියේ නෑ.. ඒ අයට ඕන විදියට දර්ශන වෙනස් කරන්නත් අපි පොරොන්දු වුණා..’’

බන්සාලි ආයතනයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

‘‘ඔව්.. අපේ ඉල්ලීම් ඉටු කරන්න බන්සාලි නිෂ්පාදන ආයතනය පොරොන්දු වුණා.. ඒත් තවත් අපේ එක ඉල්ලීමක තියෙනවා.. ඒක තමයි චිත‍්‍රපටිය තිරගත කරන්න ඉස්සර අපිට පෙන්නන්න කියන එක..’’

 

2017-02-06-ent-37

 

එසේ පැවසුවේ ආගමික හා සංස්කෘතික සංවිධානයක සාමාජිකයෙකි. ඒ ඉල්ලිමට බන්සාලි ආයතනයෙන් ලැබුණ ප‍්‍රතිචාරය ගැන තවම දැන ගන්නට ලැබී නැත.

පද්මාවතී තිරගත වෙන්නට නියමිතව ඇත්තේ මෙම වසරේ නොවැම්බර් මාසයේදීය. දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඞ් කපූර් මෙහි චරිත නිරූපණය කරති.

පද්මාවතී රැුජිනගේ කතාන්දරය කි‍්‍ර. ව 1296 තරම් ඈත අතීතයේ සිට පැවත එන්නකි. මෙය ඉතිහාසය මෙන්ම ජන ප‍්‍රවාද ද සම්බන්ධ කතාවක් බැව් විද්වත්හු පවසති. මලික් මුහම්මද් ජායසී විසින් ලියන ලද පද්මාවතී වීර කාව්‍යයට අනුව පද්මාවති යනු සිංහල ද්වීපයේ එකල සිටි රජු ගේ රූමත් දියණියයි. (මේ සිංහල ද්වීපය යනු ශ‍්‍රී ලංකාව ද , ඉන්දියාවේ තිබූ වෙනත් ප‍්‍රාන්තයක්දැයි ගැටළුවක් පවතී.) පද්මාවතී කුමරිය සියලූ ස්තී‍්‍ර ලක්ෂණවලින් පරිපූර්ණ වූවාය. ඇගේ රූමත්කම දනන් තුඩතුඩ පැතිර ගියේය.

මේ අවධියේ ඉන්දියාවේ බලවත්ම රාජ්පුත් රාජධානිය වශයෙන් පැවතුණේ චිත්තෝර්ය. එය පාලනය කරන ලද්දේ රතන් සිං විසිනි. පද්මාවතී කුමරියගේ රූමත්කම ගැන ඔහුට දැන ගන්නට ලැබුණේ කතා කරන ගිරවෙකුගේ මාර්ගයෙනි. ඇය නොදැකම ඇයට පේ‍්‍රම කරන්නට පටන් ගත් රජු කෙසේ හෝ සිංහල ද්වීපයට ගොස් ඇය දිනාගෙන ආවේය. රජු විසින් කුමරියට දෙන ලද දායාදය ඉතා විශාලය. රතන් සිංගේ සොයුරන් දෙදෙනාට ද ඉන් කොටසක් වුවමනා වූයේය. එහෙත් රතන් සිං එයට අකැමැති විය. ඉන් කළකිරුණු ඔවුහු චිත්තෝර් රාජධානියෙන් පිට වී දිල්ලියට ගියහ.

එකල දිල්ලිය පාලනය කරන ලද්දේ අලව්දීන් කිල්ජී නම් සුල්තාන්වරයා විසිනි. ඔහු ඉතා කුරිරු පාලකයෙකු පමණක් නොව ස්ති‍්‍ර දුෂකයෙකු වශයෙන් ද ප‍්‍රසිද්ධව සිටියේය. ඔහුගේ කුරිරුකම කොතරම් ද යත් ඔහු මුස්ලිම් ජාතිකයන් 30000 ක් මරා දැමූ බව ද ඔවුන්ගේ කාන්තාවන් සියලූම දෙනා දිනපතා දුෂණය කළ බව ද කියැවෙයි. ඔහු පිරිමි ළමුන් ද අපයෝජනයට ලක් කළ අයෙකි. මේ අධම පාලකයා වෙතට ගිය රතන් සිං ගේ සොයුරෝ පද්මාවතීගේ රූමත්කම වර්ණනා කළහ. එය ඇසූ අලව්දීන්ට පද්මාවතී තමන් සතු කර ගන්නට වුවමනා වූයේය. කොහොමත් ඔහු චිත්තෝර් දේශයේ බලවත්ම විරුද්ධවාදියා වී සිටියේ එය අල්ලා ගැනීමට කළ සියලූම උත්සාහයන් අසාර්ථක වූ බැවිනි. මෙය ඔහුට හො`ද අවස්ථාවක් වූයේය. ඔහු හමුදාව පිරිවරාගෙන චිත්තෝර් වෙත ගියේය. එහෙත් එහි ආරක්ෂක විධිවිධාන දුටු ඔහුට සටන ලේසිපහසු නොවන බැව් වැටහිණි.

‘‘පද්මාවතී බිසව බලන්න දෙනවා නම් මම හමුදාවත් අරගෙන ආපහු යනවා..’’

ඔහු රතන් සිංට පණිවිඩයක් යැවීය. යුද්ධයට අකැමැතිව සිටි රතන් සිං එයට එක`ග වූයේය. අලව්දීන් සහ ඔහුගේ හමුදා ප‍්‍රධානියා ඇතුළු කිහිප දෙනෙක් මාලිගාවට කැ`දවනු ලැබිණි. ඔවුන්ට පෙන්වනු ලැබුවේ පද්මාවතී බිසවගේ කැඩපත් ප‍්‍රතිබිම්බයකි. එය දුටු විගස අලව්දීන් රාගයෙන් උමතු වූයේය. කෙසේ හෝ ඇය ලබා ගන්නට ඔහු සනිටුහන් කර ගත්තේය.

අලව්දීන් ආපසු යන විට රතන් සිං පසු ගමන් ගියේය. බලකොටුවේ ගේට්ටුව අසළදී අලව්දීන් ඇතුළු පිරිස විසින් රතන් සිං පැහැරගෙන ගොස් සිර කරනු ලැබීය. ඔහු බේරා ගන්නට නම් පද්මාවතී තමන් වෙත පැමිණිය යුතු බවට අණක් ඇය වෙත යවන්නට අලව්දීන් පියවර ගත්තේය. පද්මාවතී කලබල වූයේ නැත. ඇය හමුදාවේ ප‍්‍රධානීන් සමග සාකච්ඡාවක් කළාය.

‘‘මමයි මගේ අතවැසි කාන්තාවන් පිරිසයි හෙට උදේ පල්ලැක්කිවලින් ඔබේ කදවුරට පැමිණෙනවා..’’

එම සාකච්ඡුාවෙන් අනතුරුව පද්මාවතී අලව්දීන්ට පණිවිඩයක් යැව්වාය. මහත් සේ සතුටටත් උද්දාමයටත් පත් අලව්දීන් ඇය එන තුරු ම`ග බලාගෙන සිටියේය. උදේ පාන්දරම පල්ලැක්කි පේළීයක් පැමිණියේය. පල්ලැක්කි ඔසවාගෙන ආවේත් ඒවායේ පැමිණියේත් වෙස් වලා ගත් රාජ්පුත් රණවිරුවන්ය. ඔවුහු අලව්දීන් ඇතුළු බොහෝ දෙනෙකු මරා දමා රතන් සිං බේරාගෙන ආපසු චිත්තෝර් කරා පැමිණියහ.

පද්මාවතී කාව්‍යයේ ස`දහන් වන්නේ මේ සටන පිළිබද කතාන්දරයයි. මේ ගැන රාජ්පුත්වරු බෙහෙවින් ආඩම්බර වුවත් එහි වැඩි කොටසක් අතිශයෝක්තියෙන් විස්තර කර ඇති බැව් ඉතිහාසඥයෝ කියති.

 

2017-02-06-ent-38
2017-02-06-ent-36