ද්විත්ව චරිත තුළින් හමුවන ෂාරුක් ඛාන්
වසර කිහිපයක් තිස්සේ සිනමා නිර්මාණවලින් ඉවත්ව සිටින බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් පසුගියදා ‘ඉන්දීයන් මිරර්’ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී සිය අලුත්ම සිනමා නිර්මාණය පිළිබඳව ඉඟි පළ කර ඇත.
ඔහු පවසන්නේ ඔහුගේ මිළඟ සිනමා නිර්මාණය බොහෝ දුරට දකුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ඇට්ලී සමග සිදුකරන චිත්‍රපටය වනු ඇති බවය. ඔහු සිය චිත්‍රපටය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ එම චිත්‍රපටය තුළ තමා ද්විත්ව චරිත නිරූපණය කරන බවය. ‘ඩුප්ලිකේට්’, ‘රා වන්’, ‘ඩොන්’, ‘පහේලී’ හා ‘ෆැන්’ චිත්‍රපටවලදී ෂාරුක් මීට පෙර ද්විත්ව චරිත නිරූපණය කර ඇත.