දහයක් බාල කොල්ලෙක් බැන්ද සුපිරි ප්‍රියංකා
අපි හැමෝම කතා අහන්න රැසියෝනේ නේද? මතක් කරලා බලන්නකො කුඩා සන්ධියේ අපි ආච්චි අම්මගෙන් සීයගෙන් කතා කොච්චර අහලා තියෙනවාද කියලා? ලස්සන ලව් ස්ටෝරි එකක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ අහල පහලම රාජ කුමාරියකගේ ආදර කතාවක් තමයි මම මේ කියන්න හදන්නේ. ඔක්කොටම කලින් මම ඇය ආදරය කළ රාජකුමාරයා ගැන කියලා ඉන්නම්. 1992 සැප්තැම්බර් 16 වැනිදා මෙන්න මේ කියන රාජ කුමාරයා නිකලස් ජෙරී ජෝන්ස් නමින් ඉපැදුණේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩල්ලස්වලයි. ජොනාස්ගේ පියා ගීපද රචකයෙක්, සංගීතවේදියෙක් සහ ප්‍රාදේශීය දේශපාලකයෙක් වෙද්දී ඔහුගේ මව භාෂා ඉගැන්වීම් කටයුතු කරන ගුරැවරියක් සහ ගායිකාවක් වුණා. කෙවින් ජොනාස්, ජෝයී ජොනාස් සහ ෆැන්කී ජොනස් නමින් සහෝදරයින් තුන්දෙනෙක්ම ඔහුට ඉන්නවා.
නික් ජොනාස් වේදිකා නාට්‍යක රඟපාන්නේ අවුරැදු හතේදී. ඊට පස්සේ ඔහු ගීත ඇල්බමයක් වෙළඳපොළට 2004 දී නිකුත් කළත් ඒක වැඩිය සාර්ථකත්වයක් ලැබුවේ නැහැ. ඒත් සංගීතයම ඔහුගේ ඇඟේ ලේ මස් ඇට නහර පුරා දිව්ව හින්දම ඔහු තමන්ගේ සහෝදරයන් තුන්දෙනත් එක්ක සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අසාර්ථකවීම් කිහිපයකින් පස්සේ මොවුන්ට සාර්ථකත්වය කරා යන්න ලැබෙනවා. මේ වෙද්දි ලොව පුරා ගායකයෙක් විදියට ජනප්‍රිය වෙලා ඉන්න මෙන්න මේ නික් ජොනාස් පසුගියදා විවාහ ගිවිස ගත්තා. ඒ රාජ කුමාරියක් වගේ ලොව පුරා ජනප්‍රිය වෙලා ඉන්න ලස්සන කෙල්ලෙක්ව. ඇයගේ කතාව තමයි දැන් ඔබට කියන්න හදන්නේ.
1982 ජූලි 18 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්රානතයේ ජම්ෂේද්පූර්වල ඉපැදුණු ඇය මේ වෙද්දී නම් පදිංචි වෙලා ඉන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්ෙයා් ක් සිටි එකෙයි. මේ වෙද්දි නිළියක්, ගායිකාවක්, සිනමාපට නිෂ්පාදිකාවක් සහ නිරෑපණ ශිල්පිනියක් වන ඇය 2000 අවුරැද්දේදී මිස් වර්ල්ඩ් වුණා. ආර්මි ඔෆිසර්ලා වුණු අශෝක් සහ මදූ තමයි ඇයගේ දෙමාපියන් වන්නේ. මීට පෙරාතුවත් මේ කියන සුන්දර කෙල්ල ගැන තොරතුරැ ගොඩාක් අපි ඔබට කියලා තියෙනවා. මෙන්න මේ සිනමාපටවල හිටිය ඇය ගැනයි අපි ඔබට කියන්න හදන්නේ. මොකද ඇයගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් පසුගියදා සිදු වුණා.
Humraaz (2002),2003,The Hero: 2004, Aitraaz.2005,—Blackmail, Karam—-Iyer ,Waqt: Don (2006)Krrish 2003,Aap Ki Khatir,2006 Don – 2 .2007Salaam-e-Ishq:Dostana 2008, 2008, Love Story 2050. God Tussi Great Ho, Fashion, 2009, Kaminey ,7 Khoon Maaf (2011)What’s Your Raashee?, 2010, Pyaar Impossible! 2012 Agneepath,Teri Meri Kahaani. Barfi! 2012,2013, she len Zanjeer 2006 Krrish,2014 Gunday ,Mary Kom, Dil Dhadakne Do 2015, ඔව් ඔබ හරි. ඇය පද්ම ශ්‍රී සම්මානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබුව නමින් ප්‍රියංකා චොප්රා. ඔබ ආදරය කරන ප්‍රියංකා චොප්රා හරියටම අගෝස්තු 18 වැනිදා ඇයගේ ප්‍රේමවන්තයා වන අමෙරිකාවෙන් ලොවම හඳුනාගත් ගායන ශිල්පී නික් ජොනාස් එක්ක විවාහ ගිවිස ගත්තා. එදා හවස ඔවුන්ගේ හිත මිතුරන් සහ සමීපතම හිතවතුන්ට විවාහ ගිවිසගැනීම සැමරීමට සාදයකුත් පැවැත්වුවා. ඒ සාදයේදී නික් සහ ප්‍රියංකා ඉතාම සරල විදියට තමයි හිටියේ. ඒත් ඔවුන් දෙන්නගෙම මුහුණුවලනම් සතුට දෝරේ ගලන එක ඔවුන් දෙන්නගෙම ඇස්වලින් දකින්නට හැකියාව තිබුණා. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් දුලභ දසුනක්ම වුණා. සාදයේ ඡායාරෑප දෙන්නත් එක්ක හරි හරියට අන්තර්ජාලයේ ශෙයාර් කරමින් ඔවුන් දෙන්නම තමන්ගේ ෆෑන්ස්ලට ඒ සතුටුදායක අවස්ථාව ගැන දැනුම් දීමට තරම් මේ දෙන්නා යහපත් අය වුණා. මේ සාදයට පැමිණි ඔවුන්ගේ මිතුරැ මිතුරියන් සහ හිත මිත්‍රාදීන්ගේ සතුට ඉහවහා ගිහින් තිබුණේ ප්‍රියංකා චොප්රා නර්තනයේ යෙදෙන කොට කියලා තමයි ඉන්දියාවේ මාධ්‍යවල ඡායාරෑප සහිතව කියලා තිබුණේ. මේ විවාහ ගීවිසගැනීමේ සාදයට ප්‍රියංකාගේ ඥති සහෝදරිය පරිනීති චොප්රාට අමතරව ආලියා භාත්, සල්මාන් ඛාන්ගේ නැගනිය අර්පිතා ඛාන් ශර්මා, සංජය ලීලායී බංසාලී, අනූෂා දාංඩේකර්, සිද්ධාර්ත් රෝයී කපූර් වගේම ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වන මුකේෂ් අම්බානී හා ඔහුගේ බිරිඳ නීතා අම්බානී සහ ඔවුන්ගේ දියණිය ඊශා අම්බානීත් සහභාගි වෙලා තියෙනවා.
හොඳම වැඩේ කියන්නේ නික් සහ ප්‍රියංකා විවාහ ගිවිසගත්තා විතරයි ෆේස්බුක් ගිණුම්වල මෙන්න මේ වගේ විහිළු ශෙයාර් වෙන්නත් පටන් ගත්තා. බොලිවුඩයේ කිසිම වැදගත් දෙයකට ඉන්ටර්නෙට් පාවිච්චි කරන ජෙනරේශන් එකෙන් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ. මේ සැරේ ඒ අයගේ ගොදුරක් බවට පත් වුණේ ප්‍රියංකා චොප්රා සහ ඇයගේ සැමියා නික් ජොනාස්වයි. ඔවුන් දෙන්නට සුභ පතන ගමන් ඔවුන්ව විහිළුවට ගත්ත ඡායාරෑපත් හදලා ෆේස්බුක් ගිණුම්, වට්ස්ඇප්වල ශෙයාර් වුණා.
අනුෂ්කා ශර්මාගේ ඉමෝශනල් ඡායාරෑපයක් ද සමඟින් හැදුව ඡායාරෑපයක් ප්‍රියංකා සහ නික් විවාහවෙන දසුනට මුසු කරලා ශෙයාර් වුණ එක ඡායාරෑපයක්.
තව ඒ වගේ ඡායාරෑපයක් ගැනයි මේ කියන්න හදන්නේ. නික්ව එම්. බී. බී. එස්. මුන්නාභායී සිනමාපටයේ ජනප්‍රිය දෙබසක් වූ එයා ඉන්දියන් කෙල්ලෙක්ව කසාද බැන්දොතින් මංගල පෙරහැරේ නයි නැටුම කරන්න ඕනද? කියන වැකිය සමඟින් ඡායාරෑපයක් ෂෙයාර් වුණා.
තව ඡායාරෑපයක ප්‍රියංකා සහ නික්ගේ අත්වල පුද පූජා පවත්වන්න ගන්නා කලමනා වෙනුවට ගෝල්ගප්පේ කියන කෑම අඩංගු රසකැවිලි ප්ලේට් හදලා තියෙනවා. ඊට උඩින් ලියලා තියෙනවා යම් යුවලක් එකට ඉඳගෙන ගෝල්ගප්පේ කනවද ඔවුන්ට හැමදාම එකට ඉන්න ලැබෙනවා... කියලා තව ඒ වගේ ඡායාරෑපයක ප්‍රියංකා සල්මාන් ඛාන් එක්ක රංගනයේ යෙදුනු සලාම් ඒ ඉශ්ක් සිනමාපටයේ ගීතයක් වන තේනූ ලේ කේ මෑ ජාවාං ගා කියන ගීතයට අදාළ ඡායාරෑපයෙන් සල්මන්ව ඉවත් කර ඒ වෙනුවට නික්ව් දමලා රි ප්ලේස් කරලා තිබුණා.
තව ඡායාරෑපයක ප්‍රියංකාගේ ඥති සහෝදරිය පරිනීතී චොප්රාගේ ඡායාරෑපයක් දමලා අවුරැද්දක් පරණ ගවුමකින් හැඩවී පරිනීති ප්‍රියංකාගේ විවාහ ගිවිසීමට ගිය වග සඳහන් කරලා තිබුණා.
ප්‍රියංකාගේ විවාහ ගිවිසගැනීම ගැන පරිනීති තමන්ගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම හැඟීම්බර සටහනක් කරලා තියෙනවා.
“අද මම මැජික් එකක් සහ සුරංගනා කතාවක් එක වර විඳගන්න සමත් වුණා. මිමී අක්කිව අපි කුඩා සන්ධියේ ඉඳන් මට මතකයි. මම ගෙදර සෙල්ලම් කර කර හිටියේ. අපි දෙන්නා එකතු වුණාම මනමාලියන් විදිහට සැරසෙනවා. අපි කුඩා එවුන් වුණත් අපි අපේ හස්බන්ඩ්ට බොන්න කියලා තේ හදනවා. පුදුමයි ඒත් මොකද කියනවනම් ඒ අපි හැමදාම ආදරයේ මායාව ගැන විශ්වාස කළා. ඒ වගේම කවදා හරි දවසක හරියනම කෙනා හමුවෙයි කියලත් අපි විශ්වාස කළා. ඒත් අදනම් කිසිම බොරැවක් නෙවෙයි වෙන්නේ. මටනම් එයාට ඒ වගේ හරියන කෙනෙක් ගැන හිතන්නවත් බැහැ. මම මුලින්ම කිව්වේ මිනිස්සුන්ව මනින්න ක්‍රම දෙක තියෙනවා කියලයි. ඒ ක්‍රම දෙකනම් පළවෙනි එක ඔහුත් එක්ක ගමනක් ගිහිල්ලා බලන්න ඕන. දෙවෙනි එක තමයි එකට කෑම වේලක් කන්න ඕන. මම නික් එක්ක ඒ දෙකම කරලා තියෙනවා. අන්න ඒ හින්දා මම දන්නවා නික් තමයි අක්කී ඔයාට ගැලපෙනම පුද්ගලයා. එයා ඔයාට ආදරය දේවි. මොකද එයා ඔයාට පිස්සෙක් වගේ ආදරය කරනවා. ඔහුව බලාගන්න. මොකද ඔහු පිටතින් දැඩි බවක් පෙනුණට ඔහු ඇතුළතින් ගොඩාක් මෘදු කෙනෙක් හින්දා. මම ඔබ දෙන්නටම මගේ හදවතින්ම සුභ පතනවා. අද වගේම හැමදාටම” ඉන්දියාවේ නළු නිළියන් විතරක් නෙවෙයි ප්‍රියංකාගේ සහ නික්ගේ විවාහ ගිවිස ගැනීමට ඉන්දියාවේ දේශපාලකයන් පවා සුභ පතලා තිබුණා. ඒත් ඔබ දන්නවද ප්‍රියංකා චොප්රාට වඩා නික් ජොනාස් වයසින් අවුරැදු 10ක්ම බාලයි කියන එක. මොනවා වුණත් ඔවුන්ගේ විවාහ ජීවිතය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා යැයි අපිත් සුබ පතමු නේද!
ඉන්දියාවේ මාධ්‍ය ඇසුරෙන් - Chandana Waravitage