දවස් තුනෙන් කෝටි 106ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-28-ent-57

අමීර් ඛාන් මේ වසරේ රඟන එකම චිත්‍රපටය වන "දංගල්" පසුගිය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. ප්‍රදර්ශනය ආරම්භ වී දින තුනෙක් ගෙවෙද්දී එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව පසු කරන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වසරේ දින තුනක් තුළදී කෝටි 100 සීමාව ඉක්මාව ගිය පළමු චිත්‍රපටය වේ.

මේ වසරේ තිරගත වූ සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටය සිවු දිනකින් රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් විය. සිනමා විචාරකයන් පවසන්නේ ආදායම් අතින් අතිසාර්ථක වූ චිත්‍රපට අතරට අමීර්ගේ "දංගල්" චිත්‍රපටය ඉතා ඉක්මණින් එක්වනු ඇති බවයි.

ඔවුන් පවසන්නේ සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටය ඉපැයූ කෝටි 586ක මුදල ඉක්මවා යන්නට හෝ ඒ ආසන්නයට පැමිණීමට මෙම චිත්‍රපටයට හැකියාව ඇති බවය. සල්මාන් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ වසර 2කට පසුව වීමද විශේෂත්වයකි.

 

2016-12-28-ent-58