දවස් තුනයි කෝටි 100ක් උපයයි
අලී අබ්බාස් සෆර් අධ්යක්ෂණය කළ ‘ටයිගර් සින්දා හේ’ චිත්රපටය පසුගිය දෙසැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කරනු ලැබීය. දින තුනක් ගෙවෙද්දී ලොවපුරා අති සාර්ථකව තිරගත වෙමින් මෙම චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සමත් විය.
දෙසැම්බර් 22 වැනිදා ඉන්දියාවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 34.10කි. එය මේ වසරේ බොලිවුඩ් චිත්රපටයක් සිය මංගල දිනයේදී උපයාගත් ඉහළම ආදායම ලෙස සිනමා ඉතිහාසයට එක් වේ. මීට පෙර මේ වසරේ සිය පළමු දිනයේදීම චිත්රපටයක් විසින් උපයාගත් මුදල සටහන්ව තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 30කි. ඒ ඔක්තෝබර් 20 වැනිදා තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ ‘ගෝල්මාල් අ ගේන්’ චිත්රපටයයි.