දරුවන් තිදෙනෙකුගේ මවක් වීම ගැන කියන සනී
‘ජිස්ම්’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පැමිණි සනී ලියොන් මේ දක්වා රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණය බොහෝය. ඉන් චිත්‍රපට එකක් හෝ දෙකක් හැරෙන්නට අනෙකුත් සියලු චිත්‍රපට සියල්ලම අසාර්ථක ඒවා බවට පත් විය. කෙසේ වෙතත්, සනීගේ ජනප්‍රියත්වයද එදා මෙන්ම අදද එකසේ ජනප්‍රිය වී තිබේ.
මෑතකදී ඇය එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ කෙටි කාලයක් තුළදී දරුවන් තිදෙනෙකුගේ මවක් වීම තම ජීවිතය සර්ව සම්පුර්ණ වී ඇති බවය. සනීගේ වැඩිමහල් දියණිය මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන අතර, ඇයගේ බාල නිවුන් සහෝදරයන් දෙවැනි වියෙහි පසුවන්නේය. සනීගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ද තම දරුවන්ට තමාටත් වඩා ආදරය කරමින් සිටින බවය.