දරුවන් ජනපි‍්‍රය කරන්නට අකැමැති කරන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-90

සිය දරුවන් ද තමන් මෙන්ම ජනපි‍්‍රය වෙනවාට බොලිවුඩයේ බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. සමහරු උත්සාහ කරන්නේ දරුවන් පැපරාසීන් වෙතින් ස`ගවා ගන්නටය. අයිශ්වර්යා රායි, සයිෆ් අලි ඛාන් පළමු ගොඩට වැටෙද්දී කරන් ජෝහාර් වැටෙන්නේ දෙවැනි ගොඩටය. සිය දරුවන් දෙදෙනා වන යාශ් සහ රූහි සාමාන්‍ය දරුවන් දෙදෙනෙකු ලෙස හැදී වැඩිය යුතු බැව් කරන් අවධාරණය කරයි.

‘‘මාධ්‍යවේදියො මගේ දරුවන් ගැන උනන්දු වෙන්නේ ඔවුන්ගේ කිසිම විශේෂත්වයක් නිසා නෙමෙයි.. ඔවුන් මගේ දරුවන් වීම හින්දා විතරයි.. ඔවුන් තරු දරුවන් වෙනවට මම කැමැත්තක් නෑ.. කවදා හරි දවසක මොකක් හරි විදියකින් ඔවුන් ජනපි‍්‍රය වුණාම ඒ ගැන කතා කරනවට මගෙ විරුද්ධත්වයක් නෑ..’’ ඔහු කියයි.

දරුවන් නිසා කරන් බොහෝ සෙයින් කාර්යබහුලය. එහෙත් ඔහු එම කාර්යබහුලත්වයට බොහෝ පි‍්‍රය කරන්නේය.