දමිළ සිනමාවේ රජු ලෙස හඳුන්වන රජිනිකාන්ත් සිය පවුලේ අය සමඟ දීපවාලිය සැමරූ හැටි
රජිනිකාන්ත් කියලා කියන්නේ, දමිළ සිනමාවේ ඉන්න රජුන් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඔහුගේ රසිකයින් විසින් තලෛවර් ලෙස සෙනෙහසින් ආමන්ත්‍රණය කරන ඔහු පසුගියදා දීපවාලි උත්සවය ඉතා සතුටින් සිය පවුලේ අය සමඟ සමරා තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
මෙවර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ නළුනිළියන්ට සිය නිවෙස්වලට කොටු වෙන්නත් සිදු වුණා. එමෙන්ම දීපවාලි උත්සවය වෙනුවෙන් විශේෂ චිත්‍රපට පවා තිරගත කෙරුණේ නැහැ.
මේ අතර ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තියක් සිදු වෙමින් තිබුණ ද, රජිනිකාන්ත් හමුවීමට ඔහුගේ රසිකයින් විශාල ප්‍රමාණයක් නිවස අසලට රැස් වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.