‘දමිළ සිනමාවේ නවතම පෙරළිය ගෙනෙන ‘කාලා’ කරළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-31-ent-34

2016 වසරෙන් පසුව නැවත කරළියට පැමිණෙ දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්තගේ නවතම චිත්‍රපටය වන ‘කාලා’ චිත්‍රපටය එළැඹෙන ජුනි 07 වැනිදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම ‘කාලා’ චිත්‍රපටය දමිළ හා හින්දි භාෂාවට අමතරව තවත් භාෂා කිහිපයකින්ම හඬ කැවීම් සිදුකර ඇත. මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදුකර ඇත්තේ මුම්බායි නගරයේදී. රජිණිකාන්ත් මුම්බායි නගරයට පැමිණ ඇත්තේ පළමු වතාවට බව සඳහන් වේ.

එමෙන්ම ‘කාලා’ හෙවත් ‘කරිකලන්’ගේ පැරණි පෙම්වතිය වන ‘ශරීනා’ට පළමු වරට තෝරාගනු ලැබුවේ විද්‍යා බාලන් වන අතර, ඇයගේ පෞද්ගලික හේතුවක් මත එම චරිතය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව එය හුමා කුරේෂිට ලබාදී ඇත. හින්දි, සිංහල, තෙලිඟු හා මරාති චිත්‍රපට බොහොමයක රඟපෑ ඇති අංජලී පටෙල් දමිළ සිනමා නිර්මාණයකට දායක වන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.