දමිළ සිනමාව කැළඹූ 'මර්සල්'
මේ වනවිට සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 300ක් දක්වා වර්ධනය කර ගැනීමට සුපිරි දමිළ සිනමා නළු විජේගේ ‘මර්සල්’ චිත්රපටයට හැකිවී තිබේ. සිවුදිනක් වෙද්දි සිය අදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් 220ක් ලෙස වාර්තා වූ මෙම චිත්රපටය දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට සමත්වීම කැපීපෙනන සිදුවීමකි.
මන්දයත්, මේ දක්වා දමිළ චිත්රපටයක් තමිල් නාඩුවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීමට අපොහොසත් වී ඇති හෙයිනි. ආදායම් අතින් අති සාර්ථක වූ ‘බාහූබලී’ මෙන්ම ‘කබාලි’ චිත්රපටද තමිල්නාඩුවේදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගන්නට නොහැකි විය. ප්රකට ‘විකිපීඩියා’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ විජේගේ ‘මර්සල්’ චිත්රපටය ශ්රී ලංකාවේදී ද ඉතා ඉහළ ආදායමක් උපයා ගන්නට සමත්ව ඇති බවයි.