දමිළ නළු අර්ජුන්ටත් ලිංගික චෝදනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියානු සිනමාවේ මෙතෙක් නොවූ සහ කතාබහට ලක් නොවූ සිදුවීම් මාලාවක් පසුගිය කාලයේ සිට වාර්තා විය. ඒ ‘MeToo’ නමින් හඳුන්වන ලිංගික අතවර චෝදනා මේ වනවිට වැඩිවෙමින් පැවැතීමයි. දමිළ නළු අර්ජුන් සර්ජා විසින් රංගන ශිල්පී ශ්‍රැති හරීහර්නට ලිංගික අතවරයක් කළ බව ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.

මේ කාරණාවට විරුද්ධව තම මාමා වෙනුවෙන් රංගන ශිල්පී ධරුවා සර්ජා විසින් බැංගලෝර් සිවිල් අධිකරණයේ ඉන්දියානු කෝටි 05ක අපහාස නඩුවක් දමා තිබේ.  රංගන ශිල්පී ශ්‍රැති සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ 2016දී නිෂ්පාදනය කෙරුණු ‘විශ්මායා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී අර්ජුන් විසින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදු කළ බවයි.  

20181105Arjun-1