දමිල සිනමාවට එක්වන සංජය කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-16-ent-179

90 දශකයේ ජනප්‍රිය සිනමා නළුවෙක් වන සංජේ කපූර් දමිල සිනා නිර්මාණයක් සඳහා මේ දිනවල එක්ව සිටියි. ඒ හර්ෂ් විසින් අධ්‍යක්ෂණය කරන ‘සීතාරාමා කල්යානා’ චිත්‍රපටයේය. සංජේ කපූර් දමිල සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

2010 වසරෙන් පසුව කිසිදු සිනමා නිර්මාණයක ප්‍රධාන පෙළේ චරිතයකින් දකින්නට නොලැබුණ සංජේ කපූර් අවසන් වරට 2015 වසරේ තිරගත වූ ‘ප්‍රින්ස්’ චිත්‍රපටයේ ‘රහස් පරීක්ෂන’ නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය කරනු ලැබීය. කෙසේ වෙතත්, 2015 වසරේන් පසුව කෙටි චිත්‍රපට කිහිපයකම රපෑ ඔහු වඩාත් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ මේ වසරේ ‘කෙට්ෆික්ස්’ ආයතනය විසින් එළිදැක්වූ ‘ලුස්ට් ස්ටෝරි’ කෙටි චිත්‍රපටයේ කළ රංගනයයි.