දමිල සිනමා නළු විශාල් තමිල්නාඩුවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-57

තමිල්නාඩුවේ හිටපු මහා ඇමතිණි ජයලලිතා ජයරාම් නියෝජනය කළ ආර්.කේ. නගර් ආසනය සඳහා අතුරු මැතිවරණයක් එළැඹෙන දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා මෙවර එම ආසනයෙන් තරග කරනු ලබන්නේ දමිල සිනමා නළු විශාල් ක්‍රිෂ්ණාය.

කෙසේ වෙතත්, ඔහු ඉදිරිපත් කළ නාමයෝජනවා මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වූ අතර, පසුව සිනමා ලෝලීන් හා ඡන්ද දායකයින්ගේ උණුසුම් කලහකාරී හැසිරිම් තත්ත්වයන් නිසාවෙන් පසුව විශාල් ඉදිරිපත් කළ නාම යෝජනාව පිළිගෙන ඇත.  අතර, ජයලලිතා ජයරාම්ගේ ලේලියක් වන දීපා ජයකුමාර් ඉදිරිපත් නාම යෝජනවා ප්‍රතික්ෂේප විය.

2004 අග සිට මේ දක්වා දෙමළ හා තෙළෙගු චිත්‍රපට 38 ක පමණ රඟපා ඇති සිනමා නළු විශාල් 40 හැවිරිදි වියෙහි පසුවන්නෙකි. චිත්‍රපට රාශියක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කරන ඔහු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමයේ වත්මන් සභාපතිද වෙයි.