‘දන්ගල්' පවුල් දෙක එකට හමුවෙයි
මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ‘දන්ගල්’ චිත්‍රපටයයි. ඊට පාදක වෙන්නේ 2010 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ඉන්දියාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් මල්ලවපොර කාන්තා රන් පදක්කම දිනූ ගීතා පෝගට් සහ කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනූ බාබිතා කුමාරි පුහුණු කළ ඇගේ පියාගේ කතා පුවතයි.
කොහොම නමුත් චිත්‍රපටයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් සැබෑ පවුල සහ චිත්‍රපටයේ එම චරිත රඟපෑ අමීර් ඛාන් ප්රමුඛ සිනමා පවුල රූගත ඡායාරූප පෙළක් මෑතකදී අන්තර්ජාලයට මුදාහැරුණා. මේ ඉන් කිහිපයක්. ඔවුන් මෙසේ මෙම ප්‍රචාරණ කටයුත්තට සහභාගි වුණේ අකල් ගැබ් ගැනීම්වලින් ගැහැණු ළමයින් බේරාගැනීම, ගැහැණු ළමුන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම වෙනුවෙන් ‘දන්ගල්’ චිත්‍රපටය යොදා ගනිමින් ඉන්දු ප්‍රාන්ත හතරක කෙරෙන සමාජ සේවා වැඩසටහනක් වෙනුවෙන්.
මාලන් විදානපතිරණ