දත් කැඩුනු චාර්ලිස් තෙරොන්
පසුගිය දිනවල තිරගත වූ ‘ඇටොමික් බ්ලොන්ඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සැතකමක් සඳහා මුහුණ දී තිබෙනවා. ‘ඇටොමික් බ්ලොන්ඩ්’ චිත්‍රපටයේ රූගත කිරීමේදී එක් අවස්ථාවකදී සිදු වූ අනතුරක් හේතුවෙන් තමන්ගේ දත් තුනක් පුපුරා ගිය බවයි. මේ නිසා සැත්කම් කිහිපයකට මුහුණ දීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවයි ඇය පවසන්නේ. මේ කාරණාව පිළිබඳව එහි අධ්‍යක්ෂකවරයා මෙම නිළිය පිළිබඳව බොහෝ පැහැදීමකින් කතා කරනු ලැබුවා. ඔහු පැවසුවේ, මේ අනතුරෙන් පසුව අවදානම් සහගත දර්ශනවල රඟපෑමෙන් වැළකී සිටින්නට චාලිස්ට ඉඩ තිබූ බවයි නමුත් ඇය වේදනා නාශක පෙති භාවිතයත් සමගින් නැවත එම දර්ශන වලට පෙනී සිටිය බවයි. හොඳම නිළිය ලෙස ඇකඩමි සහ ගෝල්ඩන් ග්ලෝබ් වැනි සම්මානවලින් පුද ලද ඇය දැඩි කැපවීමකින් චිත්‍රපට රංගනයෙහි යෙදෙන බව බොහෝ දෙනා පවසනවා.