'දඩක්' යළි වැඩ අරඹයි
ශ්‍රී දේවිගේ වියෝව හේතුවෙන් අතරමඟ ඇණහිටි තිබුණ ‘දඩක්’ චිත්‍ර පටයේ රූපගත කිරීම් කටයුතු යළි පසුගිය සති අන්තයේදී යළිත් ආරම්භ කළ බව සඳහන් වේ. ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වි කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ෂාහිඩ් කපූර්ගේ බාල සොහොයුරා වූ ඉෂාන්ත් මෙහි ජාන්විගේ සිනමා පෙම්වතා ලෙස රංගනයේ යෙදේ. සෑබැ ජීවිතේද මොවුන් දෙදෙනා පෙම්වතුන් වීම විශේෂත්වයකි.
ශ්‍රී දේවිගේ හදිසි වියෝව හේතුවෙන් ‘දඩක්’ චිත්‍රපටය පමණක් නොව අනිල් කපූර්, කරීනා කපූර්, රන්බීර් කපූර් ඇතුළු කපූර් පවුලේ කලා ශිල්පින් රංගනයෙන් දායක වෙන චිත්‍රපට කිහිපයකම වැඩ පසුගිය කාලයේ ඇණ හිට තිබුණ බව සඳහන් වේ.