දකුණු ඉන්දීය සිනමා නිළි මීගාට බොලිවුඩ් වරම්
රාජිණිකාන්ත් රඟපෑ ‘පට්ටා’ හා ධනුෂ් රඟපෑ ‘එනායි නොකී පයුම් තොටා’ චිත්රපටවල ප්රධාන චරිත නිරූපණය කළ යොවුන් දකුණු ඉන්දීය සිනමා නිළි මිගා ආකාෂ්ට ප්රභුදේවා විසින් අධ්යක්ෂණය කරනු ලබන ‘රාධේ’ චිත්රපටයේ චරිතයක් මේ වනවිට ලැබි ඇතැයි සඳහන් වේ.
වාර්තාවන අන්දමට මිගාට මෙම අවස්ථාවම හිමිව ඇත්තේ ‘රාධේ’ චිත්රපටයේ ප්රධාන නළු චරිතයට පණ පොවන සල්මාන්ගේ ඉල්ලීමක් මත බව සඳහන් වේ. මෑතකදී සල්මාන් හා මිගා හමුව ඇති අතර, එහිදි ඇය ගැන පැහැදුණ සල්මාන් සිය චිත්රපටයට සම්බන්ධ වෙන ලෙස ඉල්ලීමක් කර ඇත. එය සතුටින් භාරගත් මිගා, සල්මාන්ට සිය ස්තුතිය පුදකරද ඇත.