දකුණු ඉන්දියාවේ පෙරළිකරන නවතම චිත්‍රපටිය ‘ඇක්ශන්’
සුන්දර් සී. විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘ඇක්ශන්’ දමිල චිත්‍රපටය පසුගිය නොවැම්බර් 15 වැනිදා දකුණු ඉන්දියාවේදී ප්‍රදර්ශනය විය. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා තරු යුවළක් වන විශාල් හා තමන්නා භාටියා දෙදෙනා විසිනි.
අයිශ්වර්යා ලක්ෂ්මි, යෝගි බාබු, ආරව් චෞද්‍රරි, භාරත් රෙඩ්ඩි, රාම් කි මෙහි සෙසු චරිත නිරූපණය කරන අතර, ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේදුපති ආරාධිත රංගනයක නිරත වෙයි. සුබාෂ් හා ඩියා ඉන්දිය ආරක්ෂක හමුදාවේ සේවය නිරතව සිටින දෙදෙනෙකි. ත්‍රාස්තවාදින් පිරිසක් සුබාෂ්ගේ බාල සහෝදරයා හා ඔහුගේ පෙම්වතිය මීරා පැහැරගෙන යයි. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් මෙම කතාවේ ඇතුලත්ව තිබේ.
චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 23ක ආදායමක් උපයාගෙන ඇති අතර, එය නොවැම්බර් මාසයේදී දකුණු ඉන්දියාව තුළ චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායමද වෙයි.