දකුණු ඉන්දියාවම හොල්ලන රජිණිගේ අලුත්ම එක
ඉන්දීය රුපියල් කෝටි 550ක වියදමින් තැනුණ ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය පසුගිය නොවැම්බර් 29 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වූ පළමු දිනයේදීම දකුණු ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 50ක්, උතුරු ඉන්දියාවේ තවත් ඉන්දීය රුපියල් කෝටි 20ක් හා ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 40ක්ද මෙම චිත්‍රපටය උපයා ගැනීමට මේ වනවිට සමත්විය. කෙටි දිනකින්ම ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් මෙම චිත්‍රපටය විසින් මේ වනවිට උපයා ගැනීමට සමත්ව ඇත.
දකුණු ඉන්දීය සිනමාවේ අදටද සුපිරි වීරයා ලෙස අවිවාදයෙන්ම නම් වන 67 වැනි වියෙහි පසුවන රාජිණිකාන්ත් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා නළුවෙකු වන ආක්ෂේ කුමාර් මෙහි දුෂ්ඨ චරිතයට පණ පොවනු ලබයි. චිත්‍රපටයේ එන එකම කාන්තා ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුරූපි ඇමි ජැක්සන්ය.