දකුණු ඉන්දියාවෙන් ‘කාලා’ කෝටි 150ක් උපයයි
දමිල සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැළකෙන රාජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය ‘කාලා’ මේ දිනවල දකුණු ඉන්දියාවේ තිරගත වන සාර්ථකම දමිල චිත්‍රපටය බවට පත්ව සිටියි. ජුනි 07 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඉන්දීය රුපියල් කෝටි 159ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
දමිල බසින් හඬකැවුණ චිත්‍රපටය පමණක් ඉන්දීය රුපියල් කෝටි 159ක ආදායමක් උපයාගෙන ඇති අතර, හින්දි, තෙළෙඟු හා මලයාලම් බසින් හඬකැවුණු චිත්‍රපටය තවත් අමතර ආදායමක් මෙම චිත්‍රපටයට ලබා දී ඇතැයි තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට රාජිණිකාන්ත්ගේ බැනා වූ ජනප්‍රිය දමිල සිනමා නළු ධනුෂ්ට ඉන්දිය රුපියල් කෝටි 140ක මුදලක් වැයවි තිබුණ බබව සඳහන් වේ.