'දංගල්' පාකිස්තානයේ පෙන්වයි
බොලිවුඩ් චිත්‍රපට පෙන්වීම නිතර තහනම් කරන පාකිස්තානු සිය රටේ අමීර් ඛාන් රඟන ‘දංගල්’ චිත්‍රපටයට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 750කට ආසන්න මුදලක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය වසර කිහිපයකට පසුව පාකිස්තානයේ ප්‍රදර්ශනය වන පළමු බොලිවුඩ් චිත්‍රපටයද වේ.
‘දංගල්’ චිත්‍රපටයට අමතරව ෂාරුක් හා පාකිස්තානු නිළි මිහිරා ඛාන් රඟන ‘රායිස්’ චිත්‍රපටය මෙන්ම රිතික් රෝෂන් හා යමී ගෞතම් රඟන ‘කාබිල්’ චිත්‍රපටද පාකිස්තානයේ පෙන්වීමට මේ වනවිට අවසර ලබාදී තිබෙන බව සඳහන් වේ.
මුලින්ම පාකිස්තානයේ පෙන්වීමට තහනම් කළද මේ වනවිට කරන් ජෝහර් විසින් නිර්මාණය කරනු ලැබු ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයටද අවසර ලබාදී තිබේ. එයට හේතුව වී ඇත්තේ එහි පාකිස්තානු නළු පවඩ් අලී ඛාන් එහි රංගනයෙන් එක්වීම නිසාවෙනි.