දංගල් පකිස්ථානයේ
ආමීර්ගේ අලූත්ම චිත‍්‍රපටිය දංගල් මල්ලව පොර ශූරයෙකු වූ මහාවීර් සිං පෝගට් ගේ සැබෑ කතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මහාවීර් ඔහුගේ දියණියන් මල්ලව පොර ශූරියන් කිරීම සඳහා පුරුදු පුහුණු කළේය. විශාල වියදමක් දරා නිෂ්පාදනය කරන ලද මේ චිත‍්‍රපටියේ ආදායම රුපියල් කෝටි 385 ක් පමණ වනු ඇතැයි සියල්ලෝම අපේක්ෂා කරති.
එහෙත් එහි දර්ශන දෙකක් ඉවත් කරන්නට රැුඟුම් පාලක මණ්ඩලය තීරණය කර තිබීම ආමීර්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. ඉන්දියානු ජාතික ධජය සහ ජාතික ගීය මෙසේ ඉවත් කරන ලද දර්ශන දෙකය.
‘‘ඒක මණ්ඩලයෙ හැමදෙනාම ගත්ත ඒකමතික තීරණයක්...’’
එසේ කියනවා විනා එයට පැහැදිලි හේතුවක් දක්වන්නට මණ්ඩලය සමත් වී නැත.
මේ තීරණයට එරෙහි වීමක් වශයෙන් චිත‍්‍රපටිය පකිස්ථානයේදී තිරගත කිරීම අරඹන්නට ආමීර් තීරණය කර තිබේ.