‘දංගල්’ චිත්‍රපටයේ රඟපෑ කෙල්ලෝ දෙන්නා
ඉන්දියාවේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය ලෙස වර්තමානයේ පත්ව තිබෙන ‘දංගල්’ චිත්‍රපටයේ රඟපෑ ෆාතිමා සානා හා සාන්යා මල්හෝත්‍රා දෙදෙනා පෙනී සිටින චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට තවමත් නමක් යොදා නොමැති අතර, සාන්යා හා ෆාතිමාට අමතරව, අභිෂේක් බච්චන්, ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ ඇතුළු ජනප්‍රිය නළුනිළියන් රැසක මෙහි රංගනයෙන් දායක වෙන බව සඳහන් වේ.