'දංගල්' චිත්රපටයත් කෝටි 1000ක් උපයයි
බොලිවුඩ් චිත්රපටයක් විසින් උපයාගත් ඉහළම ආදායම උපයා ගැනීමට මේ වනවිට අමීර් ඛාන්ගේ %දංගල්^ චිත්රපටය සමත්ව තිබේ. මේ වනවිට චීනයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති මෙම චිත්රපටය සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 1000 දක්වා වැඩි කර ගැනීමටද සමත්ව තිබේ.
දැනට ලොවපුරා අති සාර්ථකව තිරගත වන "බාහූබලී" දෙවැනි චිත්රපටයට පසුව ඉන්දීය චිත්රපටයක් උපයා ගෙන ඇති ඉහළම ආදායම මෙය වේ. "දංගල්" චිත්රපටයට පසුව ඉහළ ආදායමක් උපයාගෙන ඇත්තේද අමීර් ඛාන්ගේ චිත්රපටයක් වන අතර, ඒ 2015 වසරේ තිරගත වු "පිකේ" චිත්රපටයයි.