‘දංගල්’ චිත්‍රපටයේ බදු තහනම ඉවතට
අමීර් ඛාන්ගේ නිෂ්පාදනයක්වූ ‘දංගල්’ චිත්රදපටය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. පසුගිය සති අන්තය වනවිට ඉන්දියාවේ උත්තර් ප්‍රදේස්හි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ලබාගන්නා බදු මුදල ඉවත්කළ බව සඳහන් වේ.
ඉන්දියාව වෙනුවන් ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගෞරවයක් පුදකිරීම උදෙසා නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය වෙනුවෙන් තම රජය නිලධාරීන් මේ සඳහා අය කරන බඳු මුදල ඉවත් කළ බව සඳහන් වේ.
‘දංගල්’ චිත්‍රපටයට පෙර තිරගතවූ විද්‍යා බාලන් රඟන ‘කහානි 2- දුර්ගා රාණි සිං’ චිත්රගපටයේද බඳු මුදල උත්තර ප්රනදේස් බලධාරීන් විසින් ඉවත්කර තිබුණ බව සඳහන්ව තිබේ.