‘දංගල්’ කෝටි 600ක් ඉක්මවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170116Dangal-2පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා තිරගත වීම් ආරම්භ කරනු ලැබු අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථක ලෙස තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.

මෙය ඉන්දීය චිත්‍රපටයක් විසින් රුපියල් කෝටි 600 සීමාව ඉක්මවු සිවුවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර අමීර්ගේම ‘පීකේ’ චිත්‍රපටය රුපියල් කෝටි 792ක්ද, ප්‍රභාස්ගේ ‘බාහුබලී’ චිත්‍රපටය 650ක්ද, මේ දිනවල තිරගත වෙන ‘දංගල්’ චිත්‍රපටය රුපියල් කෝටි 635ක්ද, සල්මාන්ගේ ‘බජිරංගි බහිජාන්’ චිත්‍රපටය කෝටි 626ක්ද උපයාගෙන ඇත.

පසුගිය වසරේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටයද මෙය වන අතර, සිනමා විචාරකයන් පවසන්නේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ අලුත් පිටුවක් මෙම චිත්‍රපටයේ තිරගත වීමත් සමග නිර්මාණය වූ බවයි.