'දංගල්' කෝටි 2000ක්ද උපයයිද?
අමීර් ඛාන් පසුගිය වසරේ රඟපෑ ‘දංගල්‘ චිත්රපටය මේ වනවිටත් ලොවපුරා රටවල් කිහිපයක ප්රදර්ශනය වෙමින් තිබේ. වාර්තාවන අන්දමට මෙම චිත්රපටය මේ වනවිට උපයා ගෙන ඇති මුළු මුදල ඉන්දීය රුපියල් කෝයි 1948කි.
එය ඉන්දීය චිත්රපටයක් විසින් ලොවපුරා ප්රදර්ශනය වෙමින් උපයාගත් ඉහළම ආදායම වේ. ‘දංගල්‘ චිත්රපටය චිනයේදී පමණක් ප්රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. සිනමා විචාරකයන් පවසන්නේ ‘බාහූබලි‘ දෙවැනි චිත්රපටය අතිසාර්ථක වෙමින් පවතින මොහොතකද අමීර්ගේ ‘දංගල්‘ චිත්රපටය මෙවැනි විශාල මුදලක් උපයා ගැනීම පුදුමය දනවන්නක් බවය.