ද ෆෝරීනර් හැඩකරන සුරූපිනිය
සුපිරි සටන්නළු ජැකී චෑන් රඟන නවතම බ්‍රිතාන්‍ය චිත්‍රපටයවන’ද ෆොරීනර්’පසුගිය මාසයේ සිට තිරගතවීම ආරම්භ විය.මෙය’ද ෆිසී ෆැසිලිටි’, ‘ස්පාර්කල් රෝල් මීඩියා’, ‘හුආයි බ්‍රදර්ස් පික්චර්ස් ‘ සහ ‘වැන්ඩා පික්චර්ස්’යනසිනමා සමාගම් වෙනුවෙන්ජැකී චෑන්,වේන් මාක් ගොඩ්ෆ්‍රේ, ඩී.ස්‍කොට් ලම්ප්කින්, ජැමී මාෂල් ආතර් එම්.සාකිසියන්ගේ සමනිෂ්පාදනයෙන් නිපදවුණි. මෙම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වේ.
චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ කුවාන් නම් ලන්ඩන් ව්‍යාපාරියෙක් සිය දියණිය ඝාතනය කළ ත්‍රස්තවාදීන් සොයා යන අවස්ථාවේ ඔහු මුහුණදෙන දේශපාලන ත්‍රස්තවාදය පිළිබඳ කතා පුවතකි. එනම්, 1992 වසරේ ප්‍රකාශයට පත් ‘ද චයිනාමන්’නවකතාව පදනම් වූ මෙම චිත්‍රපටයේ මුල් නවකතාකරුවා ස්ටීවන් ලෙදර්‍ය. ‘ද ෆොරීනර්’ චිත්‍රපටය සාර්ථකව තිරගතවීමත් සමගින් බොහෝදෙනෙකු අතර කතාබහට ලක්වූ කෙනෙකු විය. ඒ මෙම චිත්‍රපටයේ මැගීගේ චරිතයට පණ ප්‍රධාන නිළියයි. ඇය නමින් චාලි මර්ෆිගේ වුවත් ඇයගේ සැබෑ නම වන්නේ චාලට් මර්ෆිය.29 හැවිරිදි චාලි, බොහෝ දෙනාගේ අවධානය දිනාගත්‍තේ RTE රූපවාහිනී නාට්‍ය මාලාවක් වූ ‘ලව්/හේට්’හි සියෝභන් ඩෙලානේ ලෙසනි.2013 වසරේ පැවති අයර්ලන්ත රූපවාහිනී සහ චිත්‍රපට සම්මාන උලෙළේදී චාලි හොඳම රූපවාහිනී නිළියට හිමි සම්මානය දිනාගත්‍තේද මෙම නාට්‍යයේ රංගනය වෙනුවෙනි.
1988 වසරේ අප්‍රේල් මස 19 වැනිදා අයර්ලන්තයේ එනිස්කෝර්දිහී උපන් චාලි2006 වසරේ පටන් 2008 වසර දක්වා ගයිටි රූපණ පාසලින් රූපණය උගෙන තිබේ. 2009 වසරේදී විකාශය වූ ‘ද ක්ලිනික්’නම් කතාමාලාව ඔස්සේරංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇය පසුව 2010 වසරේදී ‘සින්ගල් හැන්ඩඩ්’නම් කතාමාලාවටද දායක විය. 2011 වසරේ පැවති අයර්ලන්ත නාට්‍ය සම්මාන උලෙළේදී හොඳම නිළියසම්මානයද ඇයට හිමි විය.
2012 වසරේදීවිකාශය වූ’මිස්ෆිට්ස්’රූපවාහිනී කතාමාලාව හරහාද ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගැනීමට චාලි සමත් විය.ඇයගේ පළමු සිනමා නිර්මාණය වූයේ 2013 වසරේදී තිරගත වූ’පිලොමෙනා’චිත්‍රපටයයි. එම වසරේම විකාශය වූ’රිපර් ස්ට්‍රීට්’රූපවාහිනී කතාමාලාව හරහාද අතිශයින් ජනප්‍රිය වූවාය.2014 වර්ෂයේදීබීබීසී වන්නාළිකාවේ විකාශය වන’හැපි වැලි’ හි කතාමාලාවටද පණ පෙවූ චාලි, එම නාළිකාවේ විකාශය වූ ඓතිහාසික ශානරයේ අපරාධාත්මක රූපවාහිනී නාට්‍ය මාලාවක් වන ‘පීකී බ්ලින්ඩර්ස්’හි රඟපෑ චරිතය හරහාද ජනප්‍රිය වූවාය. 2014 වසරේදී ‘71’ චිත්‍රපටය හරහාසිනමාවටද පිවිසි චාලි,එම වසරේදීම තිරගත වූ ‘නෝර්ත්මන්: අ විකින් සාගා’චිත්‍රපටය හරහාද ජනප්‍රියත්වයක්උසුලන ලදී. 2015 වසරේ සිට 2016 දක්වා රූපවාහිනී කතාමාලාවන් 3ක් සඳහා ඇය රංගනයෙන් දායක විය.මෙම වසරේ තිරගත වූ ‘ද ෆොරීනර්’ චිත්‍රපටය ඔස්සේ ඇයව බොහෝ දෙනා ආදරයෙන් වැලඳ ගනු ලැබීය.