‘ද ස්කයි පින්ක්’ අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-202

පසුගිය ඔක්තෝබර් 04 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වූ සොනාලි බොසීගේ ‘ද ස්කයි පින්ක්’ චිත්‍රපටය මේ වනවිට පාඩු ලබන චිත්‍රපටයක් බවට පත්ව ඇත. එයට හේතුව නම් දින 10ක් ගෙවෙද්දිද මෙම චිත්‍රපටය විසින් උපයා ගැනීමට සමත්ව ඇත්තේ ඉන්දී්‍ය රුපියල් කෝටි 2.5ක මුදලක් වීමය.

කලකට පසුව ප්‍රියංකා බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේද මෙම චිත්‍රපටය හරහා වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, චිත්‍රපටය අසාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් බව සඳහන් වේ. මන්දයත්, සුපිරි නළු ෂාරුක් ඛාන්ද මෙම චිත්‍රපටය නැරඹිමෙන් පසුව මාධ්‍යයට සඳහන් කර තිබුණේ තමන් චිත්‍රපට අධ්‍යක්ෂක සොනාලි බොසිගේ රසිකයෙකු වු බවය.