'තෝර්' ආදායම් ලබයි
‘තෝර්’ චිත්රපට මාලාවේ නවතම චිත්රපට වන ‘තෝර් රැග්නරොක්’ චිත්රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කෙරිණි. 2011 වසරේ දී ආරම්භ වූ මෙම චිත්රපටයේ තෙවැනි චිත්රපටය වන මෙම චිත්රපටය තිරගත වූ පළමු දෙදින තුළ ආදායම් වාර්තා තැබීමට සමත් විය. ඇමෙරිකානු ඩොලර් 180ක වියදමක් ඔස්සේ නිෂ්පාදනය වූ මෙම චිත්රපටය, මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 211.3 ආදායමක් උපයා තිබේ. මෙහි තිරගත වීම ආරම්භ වූයේ නොවැ.03 වැනිදාය.