තෙළිඟු නිළි රශ්මිකා, තම නම වෙනස් කිරීමට සුදුසු නමක් යෝජනා කරන්නැයි රසිකයින්ගෙන් ඉල්ලීමක්
ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඇයගේ රසිකයින් විසින් සිදු කළ ඉල්ලීමට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
සාමාජ මාධ්‍ය තුළ දැඩි ක්‍රියාකාරි නිළියක වන ඇයට පසුගිය දිනක රසිකයින් කිහිප දෙනෙකු විසින් අදාළ යෝජනාව සිදු කර තිබු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කියා සිටියේ.
ඔවුන් වෙත සිය ස්තූතිය පළ කරමින් ඇය කියා සිටියේ, තමන්ට සුදුසු යැයි සිතෙන නමක් යෝජනා කරන ලෙස ද ඇය රසිකයින්ගේ ඉල්ලීමක් කර තිබුණේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.
ලිලී, ජස්මින් සහ රෝසි යන නම් ද එම යෝජිත නම් අතර වනවා.
තෙළිඟු සිනමාවේ සරාගි නිළියක වන රශ්මිකා මන්දනා මේ වනවිට Geetha Govindam', 'Sarileru Neekevaru, 'Bheeshma, Dear Comarader ඇතුළු නිර්මාණ තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
ඉදිරියේදී තිරගත වීමට නියමිත තෙළිඟු චිත්‍රපටියක් වන “පුෂ්පා” චිත්‍රපටියේ සහ කාර්තිගේ රංගනයෙන් තිරගත වීමට නියමිත “සුල්තාන්” නමැති දමිළ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස ඇය කටයුතු කරන බවයි ඉන්දිය සිනමා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.