තුන්වැන්නට සූදානම් වන කිම්
හොලිවුඩයේ සරාගී නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියකද වන කිම් කාර්ඩිෂන් තමන්ගේ තුන්වැනි දරුවා වෙනුවෙන් සූදානම් වන බව ප්රකාශ කර තිබේ. මේ වනවිට දෙදරු මවක වන කිම්, තම තෙවැනි දරුවාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කරයි. වෙන කාන්තාවකගේ කුස තුළ වැඩෙන තම දරුවා මෙම දෙසැම්බර් මාසයේ එළිදකී යන බලාපොරොත්තුවෙන් ඇය සිටින බව සඳහන් කර තිබේ. කෙසේ වුවත් මෙම තෙවැනි දරු උපත සඳහා කිම් සහ කෙනී විශාල වියදමක් දරා ඇති බවද සඳහන් වෙයි.