ති්රශාලා ගේ වියෝ දුක
තමා බොහෝ සෙයින් ආදරය කරන අයෙකු ගේ හදිසි අභාවය විසින් හදවත කීතු කීතුවලට ඉරා දමනු ලබන ආකාරය දන්නේ ඒ දුකට මුහුණ දුන් අයෙකුම පමණකි. සන්ජේ දත් ගේ පළමු දියණිය ති්රශාලා දත් මෑතකදී එම අත්දැකීමට මුහුණ දුන්නාය. ඇය සිය ඉතාලි ජාතික පෙම්වතා හදිසියේ මිය ගිය පුවත හෙළිදරව් කළේ ඔහුගේ අභාවයෙන් දෙසතියකටත් පසුවය.
‘‘මේ දවස් ටික ගෙව්වෙ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ..’’ ඇය සමාජ වෙබ් අඩවියක ස`දහන් කර තිබිණි.
ඇය සිය පෙම්වතා ගැන කවදාවත් මාධ්‍යයට හෙළිදරව් කර තිබුණේ නැත. එහෙත් වරින්වර ඔහු පිළිබ`ද ඉ`ගි ඇගේ සමාජ වෙබ් අඩවිවල ස`දහන් විය. ජූලි 2 දා සිදු වූ ඔහුගේ මරණයෙන් පසුව ඇය විසින් තබා තිබූ සටහන කියවූ හැම දෙනාගේම ඇස්වලට ක`දුළු නැගෙන්නට ඇතුවා නිසැකය.
‘‘මගේ හදවත එහෙම පිටින්ම බි`ද වැටිලා.. මට ආදරය කළාට මාව ආරක්ෂා කළාට, මං ගැන සැළකිලිමත් වුණාට ස්තුතියි. ඔබ මා ලෝකයේ සිටින පී‍්‍රතිමත්ම, වාසනාවන්තම ගැහැනිය බවට පත් කළා.. ඔබ මා තුළ සදාකාලිකවම ජීවත් වේවි.. ඊයේ ආදරය කළාට වැඩිය අද මම ඔබට ආදරෙයි.. ඒත් හෙට ඊටත් වැඩිය ආදරේ කරාවි.. නැවත අප හමු වෙන තුරුම මම ඔබේමයි..’’
ඇය එය පළ කර තිබුණේ සිය පෙම්වතා සම`ග ගන්නා ලද ආදරණීය ඡුායාරූපයක් ද සම`ගය.
ති්රශාලා ගේ උපන් දිනය අගෝස්තු 10 දාට යෙදී තිබිණි. ඇය උපන් දිනය සැමරුවේ පවුලේ අයත් සම`ග බොහෝ නිහ`ඩවය. සිය මිත්තණියත් සම`ග ගන්නා ලද ඡුායාරූපයක් සමාජ වෙබ් අඩවියක පළ කළ ඇය තමාට උපන් දින සුබ පැතුම් එවු සැමට ස්තුති කර තිබිණි. එහෙත් ටික වේලාවකට පසුව ඇය ඒ ඡුායාරූපයත් ඉවත් කර දැමුවාය.
ති්රශාලා වියෝ දුක අත් වි`දින්නට පටන් ගත්තේ කුඩා කල සිටමය. ජනපි‍්‍රය නිළියකව සිටි ඇගේ මව රිචා ශර්මා, සන්ජේ දත් සම`ග විවාහ වූයේ 1987දීය. 1989 දී ති්රශාලා උපන්නාය. එහෙත් රිචාගේත් සංජේගේත් විවාහ ජීවිතය සාර්ථක වූයේ නැත. රිචාට පිළිකාවක් වැළ`දී ඇති බැව් දැන ගන්නට ලැබුණේ ඒ අතරය. ඇය දියණිය ද රැුගෙන නිව්යෝකයේ වෙසෙන සිය ඥාතීන් වෙත ගියාය. 1996 දී ඇය මිය යන විට ති්රශාලාගේ වයස අවුරුදු හතකි.
තාත්තා සම`ග ති්රශාලාගේ වූයේ දුරස්තර සම්බන්ධයකි. ඔහුගේ පෙරළිකාර ජීවිතය ඇයට නොයෙකුත් බලපෑම් එල්ල කරන්නට ඇතුවා නිසැකය. එහෙත් ඇය සියල්ල දරාගෙන සිටියාය. පෙම්වතාගේ වියෝව නම් තව සෑහෙන කලක් යන තුරු ඇගේ සිත පෙළනවා ඇත.