තිරගත වීමටත් පෙර හවුස්ෆුල් වු ‘2.0’
නොවැම්බර් 29 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටය දි පහක කාලයක් තුළ ඉන්දියාවේ චෙන්නායි නගරයේ ඇති සිනමා ශාලාවල ටිකට් පත් සියල්ල විකිණි අවසන්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
තිරගත විමට පෙර සිටම මෙම චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්ඳුව ඇති වී තිබෙන අතර, තමිල් නාඩුවේ බොහෝ නගරවල ප්‍රධාන පෙළේ සිනමා ශාලාවල මෙම තත්ත්වය උදාවී ඇතැයි චිත්‍රපට නිෂ්පාදක ඒ. සුබාස්කරන් මාධයයට පවසා ඇත. මීට පෙර මෙවැනි තත්ත්වයක් උදාවි තබුණේ බාහුබලි’ දෙවැනි චිත්‍රපටයට වන අතර, ඒ දින තුනක කාලයක් තුළදී චෙන්නායි නගරයේ සියලු සිනමා ශාලා ප්‍රවේශ පත් අලෙවි වී තිබිමය.