තාරාගේ අලුත්ම පෙම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි තාරා සුටාරියා මේ දිනවල බොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වන නවක නිළියකි. පසුගියදාට යෙදී තිබුණ දිවාලි දිනයේදී ඇය අමිතාබ් බච්චන්ගේ නිවසේ සංවිධානය වූ දිවාලි උත්සවයට එක් ව සිටිනු දක්නට ලැබුණි.

මෙහි විශේෂත්වය නම් අම්තාබ්ගේ නිවසේ පැවැති උත්සවයට ඇය සහභාගි වූයේ ඇයගේ වර්තමාන පෙම්වතා වූ ආදර් ජේන් සමගය. ආදර් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්වීර් කපූර්ගේ ඥාති සොහොයුරෙක්ද වන අතර, වෘත්තියෙන් ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පියෙකුද වෙයි. මේ දිනවල උතුරු ඉන්දීය පුවත්පත් මුල්පිටු බොහෝමයක් හැඩ වෙන්නේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපවලින් බව වාර්තා වේ. 

20191031Tara-1