තාරා සුතාරියාගේ අලුත් එක
කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි තාරා සුතාරියා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහ සම්බන්ධව සිටියි. ඒ අහමඩ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ‘ඕම්’ චිත්‍රපටය සඳහාය.
මෙම චිත්‍රපටයේ ඇයගේ සිනම පෙම්වතා ලෙස පෙනී සිටින්නේ මේ වසරේ ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘මාලන්ග්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට දායක වූ ආදිත්‍ය රෝයි කපූර්ය. ‘කොවිඩ් 19’ වසංගතය නිසාවෙන් චිත්‍රපට රාශීයක් අත්හැර දැමූ තාරා ‘මර්ජවාන්’ චිත්‍රපටයට පසුව දායක වන පළමු චිත්‍රපටයද මෙය වෙයි.