තාරා සුතාරියා ‘ඒක්විලන්’ දෙවැනි කොටසට
වර්තමානයේ බොලිවුඩයේ සිටින සුරූපි යොවුන් සිනමා නිළියක් වන තාරා සුතාරියා තවත් නොබෝ දිනකින් රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ‘ඒක්විලන්’ දෙවැනි චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
මීට පෙර මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ජෝන් ඒබ්රිහිම්, ඩීෂා පටානි හා ආදිත්‍ය රෝයි කපූර් තිදෙනා නම් කර තිබුණි. ලැබෙන තොරතුරුවලට අනුව තාරාට මෙම චිත්‍රපටයේ පෙනී සිටින්නට සිදුව ඇත්තේ උප ප්‍රධාන චරිතයක් සඳහා බව වාර්තා වේ.