තායිමූර් ගේ ස්පාඤ්ඤ ගුරුතුමී
කරීනාගේත්, සායිෆ් අලි ඛාන්ගේත් පුතු තායිමූර් අලි ඛාන් පතාඋඩි ඉපදුණේ 2016 දෙසැම්බර් 20 දාය. කුඩා වියේදීම ඔහුට විවිධ භාෂා පිළිබඳ දැනුමක් ලබා දෙන්නට ඔහුගේ දෙමව්පියෝ උත්සාහ කරති. ඒ අනුව මේ වන විට ඔහු ස්පාඤ්ඤ භාෂාව හදාරමින් සිටින්නේය.
“අපි ස්පාඤ්ඤ භාෂාවට හුඟක් ආසයි..”
ඔහුගේ මව කරීනා පවසන්නීය.
තායිමූර්ගේ ගුරුතුමිය එෂ්ලීන් එස්. ජොලී සහ තායිමූර් කිසි දිනෙක මුහුණට මුහුණ හමු වී නොතිබිණි. ඔහු ඉගෙන ගත්තේ ඔන්ලයින් ක්‍රමයටය. එහෙත් මෑතකදී පතාඋඩි මාලිගාවේදී ඔවුන්ට එකිනෙකා හමු වෙන්නට අවස්ථාව උදා විණි.
මේ වන විට පස් මස් ගැබිණියක වන 40 හැවිරිදි කරීනා ඇගේ පවුලේ අයත් සමඟ පතාඋඩි මාලිගාවේ කල්ගත කරද්දී ස්පාඤ්ඤ ගුරුතුමිය ඔවුන් හමු වෙන්නට එහි පැමිණියාය. එහිදී තායිමූර් සමඟ ගන්නා ලද ඡායාරූපයක් ඇය අන්තර්ජාලයේ පළ කර තිබුණේ “අවසානයේදී මගේ ගෝලයා තිරයෙන් පිටතදී දැක ගන්නට මට අවස්ථාව ලැබුණා..” සිරස්තලය සමඟය.