තායි ගුහාවේ සිරවූ දරුවන් අළලා නිර්මාණය වන ‘ද කේව්‘ මෙම වසරේදී එළිදක්වයි?
තායිලන්තයේ ගුහාවක සිරවී සිට ජීවිත බේරාගත් වයිල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු සිදුව ඔස්සේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය මෙම වසරේ ජූලි 11 වැනිදා තායිලන්තයේදී තිරගත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල උදව් උපකාර ඇතිව, විශේෂඥ කිමිදුම්කරුවන්ද යොදා ගැනුණි. එමෙන්ම, මෙම මෙහෙයුම අතරතුරදී තායිලන්ත ජාතික කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයටද පත්විය. තායි - අයර්ලන්ත ජාතික ටොම් වොලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය 'ද කේව්' ලෙස නම් වෙයි. එමෙන්ම, තායි දරු පිරිස බේරාගැනීමේ මෙහෙයුමට සැබෑ ලෙසින්ම සම්බන්ධ වූ කිමිදුම්කරුවන් පිරිසක්ද මෙහි චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.