තායි ගුහාවේ සිරවූ දරුවන් අළලා ප්‍රථම චිත්‍රපටය - ‘ද කේව්‘ තැනෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-31-ent-37

තායිලන්තයේ ගුහාවක සිරවී සිට ජීවිත බේරාගත් වයිල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු අලලා නිපදවෙන ප්‍රථම චිත්‍රපටය ලබන වසරේදී තිරගත විමට නියමිතව තිබේ.

මෙම දරුවන් පිරිස සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල උදව් උපකාර ඇතිව, විශේෂඥ කිමිදුම්කරුවන්ද යොදා ගැනුණි. එමෙන්ම, මෙම මෙහෙයුම අතරතුරදී තායිලන්ත ජාතික කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයටද පත්විය. තායි-අයර්ලන්ත ජාතික ටොම් වොලර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය 'ද කේව්' ලෙස නම් වෙයි. එමෙන්ම, තායි දරු පිරිස බේරාගැනීමේ මෙහෙයුමට සැබෑ ලෙසින්ම සම්බන්ධ වූ කිමිදුම්කරුවන් පිරිසක්ද මෙහි චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.

 

 2018-12-31-ent-38 2018-12-31-ent-39