තාබුගේ තනිකඩ ජීවිතයට හේතුව අජේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-02-28-ent-30

මාචිස්, කාලාපානි, විරාසත්, කන්ඩුකොන්ඩයින්, හු ටු ටු, අස්තිත්වා, චාන්ද්නි බාර්, මක්බුල්, චීනිකුම්, හයිදර්, බෝර්ඩර්, බිවි නම්බර් 1, හම් සාත් සාත් හෑ, ජායි හෝ, ගෝල්මාල් එගේන්, ෆැනා, ද නේම් සේක් ඇතුළු හින්දි, තෙළිගු, දෙමළ, මලයාලම්, බෙංගාලි ඇතුළු චිත‍්‍රපටි රැසක රග පෑ, හොදම නිළිය ලෙස දෙවරක්ම ජාතික සම්මාන ඇතුළු සම්මාන රැුසකින් ද, පද්ම ශී‍්‍ර සම්මානයෙන් ද පිදුම් ලද තාබු සෑහෙන කාලයක් මුළු ගැන්වී සිටියාය. ඇය දැන් නැවතත් ඇගේ සමාජ ජීවිතයට අවතීර්ණ වී සිටින්නීය.

‘‘මුළු ගැන්විලා හිටියා කියන්නම බෑ.. මම වෘත්තීය ජීවිතයෙන් නම් ටිකක් ඈත් වුණා තමයි.. ඒත් කාර්ය බහුලත්වය නම් අඩු වුණේ නෑ.. ඔයාලා දන්නවනෙ නගරවල කාන්තාවන්ට ගම්බද කාන්තාවන්ට තියෙන වැඩ කටයුතු නෑ.. ඒත් හැම වෙලාවෙම කාර්යබහුලයි.. මමත් ඒ වගේ තමයි..

දවසින් බාගයක් විතරම ගත කරන්නේ ෆෝන් එකත් එක්ක.. සමහර දේවල් සාකච්ඡුා කරන්නෙ ෆෝන් එකෙන්.. වෙලාවක් තිබ්බොත් හිතේ කැමැත්තක් තිබ්බොත් ජිම් එකටත් යනවා.. මම බොහොම නිදහසේ කරන දෙයක් තමයි උදේ තේ පානය.. පැයක් විතර නිදහසේ තේ කෝප්පේ, සමහර විට කෝප්ප දෙකක් තොල ගානවා... ඒ වෙලාවට කවුරුවත් බාධා කරනවට මම කැමති නෑ..’’

දශක දෙකක්ටත් අධික කාලයක් තාබු නම් සුරතල් නමින් ක්ෂේත‍්‍රයේ ජනපි‍්‍රයව සිටින තබාසුම් පාතිමා හස්මි එසේ කියන්නීය.

මිතුරු මිතුරියන් සම`ග ගැවසෙන්නට, සාදවලට යන්නට, සංචාරය කරන්නට තාබු පි‍්‍රය කරන්නීය. මේ සියල්ලම තමාට ලැබුණේ චිත‍්‍රපටි හරහා බැව් ඇගේ අදහසය.

‘‘මම ආවත් නැතත් ෂාරුක් ඛාන් වගේ යාළුවො හැමදාමත් මට සාදවලට ආරාධනා කරනවා..’’ ඇය කියන්නේ සිනාසෙමිනි.

ක්ෂේත‍්‍රයේ පමණක් නොව සැබෑ ජීවිතයේත් ඇගේ හො`දම මිතුරා අජේ දේව්ගන්ය. සිය තනිකඩ ජීවිතයට වග කිව යුත්තා ඔහු බව ඇය පවසයි.

‘‘මගේ ඥාති සොයුරා සමීර් ආර්යාගේ හො`දම යාළුවා වගේම ළ`ගම අසල්වැසියත් අජේ දේව්ගන්.. අපි එකට සෙල්ලම් කළා.. එකට හැදුණා වැඩුණා.. ඒත් මම ළමිස්සියෙක් වුණාට පස්සෙ ඒ දෙන්නා හැම වෙලාවෙම මං ගැන හෝදිසියෙන් හිටියෙ.. මාත් එක්ක පිරිමි ළමයෙක් තතා කළත් මේ දෙන්නා ගිහින් එයාට අඩම්තේට්ටම් කළා.. ඒ හින්දම තමයි මම පිරිමින්ගෙන් ඈත් වුණේ..’’

සිනාසෙමින් වුවත් ඇය කියන්නේ නෝක්කාඩුවකි.

 

2018-02-28-ent-29