තාප්සී පන්නු ගේ ක්‍රීඩා චරිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තාප්සී පන්නු ඊ ළඟට රඟ පාන ශාබාෂ් මිතු සහ රශ්මි රොකට් යන චිත්‍රපටි දෙකම ක්‍රීඩාව පදනම් කර ගත් ඒවාය. මේ වන විට ඇය ඒවාට පුහුණු වෙමින් සිටින්නීය. පළමු චිත්‍රපටිය වෙනුවෙන් ඇය  රඟපාන්නේ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මිතාලි රාජ් ලෙස ද, දෙවැනි චිත්‍රපටියේ මලල ක්‍රීඩිකාවක ලෙස ද පුහුණු වන්නීය.  
ඇගේ පෙම්වතා මැතියෙස් බෝ ඩෙන්මාර්කයේ බැඞ්මින්ටන් ක්‍රීඩකයෙකි. ඇය ක්‍රිඩාවට අදාළ උපදෙස් ලබා ගන්නේ ඔහුගෙන්දැයි මාධ්‍යවේදියෙක් ඇගෙන් ප්‍රශ්න කළේය. 
“මම හිතන විදියට මොළය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකුට හදවත් ශල්‍ය කර්මයකදී උපදෙස් දෙන්න බෑ.. මේකත් ඒ වගේ.. ඔහු වෙනමම ක්‍රීඩාවක නියැලෙන කෙනෙක්.. අනිත් එක මගේ වෘත්තිය ජීවිතෙයි පෞද්ගලික ජීවිතෙයි කියන්නෙ දෙකක්.. මම ඒ දෙක එකට පටලා ගන්නෙ නෑ..” තාප්සී කීවේ තදිනි. 
සිය පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන ස්ථාවරයක ඇය සිටින්නීය. විශේෂයෙන්ම පෙම් සබඳතාව පිළිබඳව ඇය කතා කරන්නේම නැති තරම්ය.

20210208Tapasse-1