තාප්සී පන්නු ගේ රුවන් වැකි
රග පෑ යුත්තේ ඉහළ වෙළෙදපොල වටිනාකමක් ඇති නළුවන් සම`ග බැව් තාප්සී පන්නු පවසයි. 1997 අතිශයින් ජනපි‍්‍රය වූ ජුද්වා චිත‍්‍රපටියේ නව නිර්මාණය වන ජුද්වා 2 චිත‍්‍රපටියේ ගීතයකට ඇය සල්මන් ඛාන් සහ ජැකලීන් පර්ඩිනැන්ඩස් සම`ග පෙනී සිටියාය. මෙහි සල්මන් පෙනී සිටින්නේ එවන් දර්ශන දෙක තුනකට පමණි. ඔවුන් සම`ග වැඩ කිරීමෙන් තමන්ට ද වටිනාකමක් එක් වන බවත්, ජනතාවගේ අවධානය යොමු වන බවත් ඇගේ අදහසය. ‘‘මේ ගීතය රූගත කරද්දි තමයි මට පළවෙනි වතාවට සල්මන් ඛාන් හම්බ වුණේ.. මම දර්ශන තලයට යනකොට එයා පිටතට එමින් හිටියා.. මම ළ`ගට ගිහින් හාය් සල්මන් සර් මම තාප්සී පන්නු කියලා කිව්වා.. ඔහු හරි ලස්සනට හිනා වෙලා හායි කිව්වා.. ඊට පස්සෙ සම්මාන උත්සවයකදීත් ඔහු හමු වුණා... ඇත්තටම ඔහු හු`ගාක් හො`දයි.. දර්ශන තලයෙන් පිටතදී ඔහු විහිළු තහළු කරමින් බොහොම සුහදව හිටියා.. මම කැමැතියි ඔහුත් සම`ග සම්පූර්ණ චිත‍්‍රපටියක ර`ගපාන්න ලැබෙනවා නම් මම කැමැතියි..’’
පින්ක් හා ‘නාම් ෂභානා’ චිත‍්‍රපටි සමග බොහෝ ජනපි‍්‍රය වූ 29 හැවිරිදි තාප්සී පවසයි.