තාත්තායි, දුවයි එකම චිත්‍රපටයක
දමිල සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන් රංගනයෙන් දායක චිත්‍රපටයක රූපගත කිරීම් මේ දිනවල ලහි ලහියේ සිදුවෙමින් පවති. ඒ ඔහු විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ‘ෂාබාස් නයිඩු’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ ඔහු රංගනයෙන් දායක වන්නේ සිය වැඩිමහල් දියණිය වූ ශ්‍රෑති හසන් සමගය. රම්‍යා ක්‍රිෂ්ණන්, මනු නාරයන්, ප්‍රදිප් රාවත් හා වීර් දාස් මෙහි ඔවුන් සමගින් රංගනයෙන් දායක වෙයි.
මෙම චිත්‍රපටයෙන් පසුව කමල් හසන් 1996 වසරේ තිරගත වූ ‘ඉන්දියන්’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු ලැබේ. එමෙන්ම ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘විශ්වරාම්පූර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ඇතුලත් චිත්‍රපටය අගෝස්තු 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.