තාත්තයි දුවයි එකම චිත්‍රපටයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-18-ent-59

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අනිල් කපූර් සිය දියණිය සෝනම් කපූර් සමග ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමට නියමිතය. ඒ ‘එක් ලඩකි කෝ දේකා තෝ ඇසි ලගා’ චිත්‍රපටයේය. මෙම චිත්‍රපටය අනිල් කපූර් මීට වසර 23කට පෙර රංගනයෙන් දායක වූ ‘1942 ලව් ස්ටෝරි’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන බව ‘එක් ලඩකි කෝ දේකා තෝ ඇසි ලගා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විදු විනෝද් චොප්රා මාධ්‍යයට පවසා තිබේ. ‘එක් ලඩකි කෝ දේකා තෝ ඇසි ලගා’, ‘1942 ලව් ස්ටෝරි’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් වන අතර, එය කුමාර් සානු විසින් ගායනා කරනු ලැබ තිබුණි. එමෙන්ම සම්මාන රැසක් මෙම ගීතයට ලැබුණි.

අනිල් කපූර් හා සෝනම් කපූර් දෙදෙනා එකම චිත්‍රපටයක පෙනී සිටින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. සංජය දත්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වන චිත්‍රපටය මේ දිනවල අධ්‍යක්ෂණය කරමින් සිටින විනු විනෝද් චොප්රා එය නිමවූ විගස මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන බව පවසා ඇත. අනිල් කපූර් මේ දිනවල ‘ෆැනි ඛාන්’ චිත්‍රපටයේද සෝනම් කපූර් ‘වීර් ඩි වෙඩින්ග්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධව සිටියි.