ත්‍රිමාණ සජීවීකරණයෙන් කරළියට එන ෂර්ලොක් නෝම්ස්
සජීවිකරණ සිනමා පට ප්‍රේක්ෂක මතකයන්හි අජීවීකරණය නොවන ලෙස තැන්පත් වීමට පටන් ගෙන ඇත. විලියම් ෂේක්ස්පියර්ගේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් කතාවේ යම් තරමකට පාදක කරගෙන නිපද වූ ‘නෝමියෝ ඇන්ඩ් ජුලියට්’ ත්‍රිමාණ පරිගණක සජීවිකරණ සිනමා පටය තවමත් ප්‍රේක්ෂක මතකයෙන් ගිලිහී ගොස් නැත. එය ප්‍රේමය, ප්‍රහසනය, කැටි වූ මායාකාරී මනඃකල්පිත රසය කුළු ගන්වන්නක් වූ අතර ඉහළම ආදායම් වාර්තා ලබමින් තිරගත විය.
ශේක්ස්පියර් නම් විශ්ව සම්භාව්‍ය කලා කරුවාගේ කෘති දරුවන් අතරට ගෙනයාම ‘රෝමියෝ ඇන්ඩ් ජුලියට්’ මඟින් සිදු කරන ලදී. ‘ෂර්ලොක් නෝම්ස්’ මඟින් ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ට කෘතිවල පරසිදු චරිත හඳුන්වා දෙන අතර එය දරුවන්ට මවුපියන් සමඟ සතුටු විය හැකි අන්දමේ නිර්මාණයකි. මෙයට විලියම් ෂේක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් කතාවේ මෙන්ම ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතාවේ ආභාසය ද ලැබී තිබේ. මෙම චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ වූ අතර, මැයි මාසයේ 11 වැනිදා නැවත එළිදැක්වීමක් තිබෙන බවද සඳහන් වෙයි.